ඊයේ දිගන ප්‍රදේශයේ තවත් සුළු භූකම්පන තුනක්
මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුව තිබෙනවා.
අදාළ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
එම කම්පන සිදුව ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළයි.
එම සියලු කම්පන රිච්ටර් මාපාංකයේ ඒකක 2 ට අඩු අගයක් ගන්නා බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කළා.
ඊයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව භු චලනයක් සිදුව තිබුණා.
එය රිච්ටර් මාපාංකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවා.