ඊයේ දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ 02ක්

November 26, 2020 at 12:40 pm | LankaTAB
ඊයේ දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිත මරණ 02ක්

ඊයේ දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.

01. කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 23 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.

02. පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 25 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා Covid-19 ආසාදිතව සිටි 96 දෙනෙක් මියගොස් තිබේ.

Leave a Comment

Related News