ඊයේ වැඩිම Covid-19 කොළඹින්
කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසූවේ දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් ඊයේ (09) දිනයේදීත් ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.
ඊයේ දිනය තුළ ආසාදිතයින් 356 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 193 ක් බව සඳහන් කරන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය,
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු
කළුතරින් ආසාදිතයින් 28 දෙනෙකු, රත්නපුරින් ආසාදිතයින් 8 දෙනෙකු, මහනුවරින් ආසාදිතයින් 7 දෙනෙකු, මඩකලපුවෙන් ආසාදිතයින් 6 දෙනෙකු, කුරුණෑගලින් ආසාදිතයින් 4 දෙනෙකු, මාතරින් ආසාදිතයින් 3 දෙනෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ගාල්ලෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ අනුරාධපුර, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.