ඌරනි වෙරළතීරයේ දිය නෑමට ගිය දෙදෙනෙකු අතුරුදන්

November 29, 2020 at 5:22 pm | LankaTAB
ඌරනි වෙරළතීරයේ දිය නෑමට ගිය දෙදෙනෙකු අතුරුදන්

අද දහවල් 01.00ට පමණ පලාලි පොලිස් වසමේ ඌරනි වෙරළතීරයේ දියනෑමට ගිය 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අතුරුදන් වු පුද්ගලයින් දෙදෙනා 19 වන වියේ පසුවන බවයි.

කෙසේවෙතත් දියනෑමට ගොස් ඇති ස්ථානය කිසිසේත්ම දියනෑමට සුදුසු ස්ථානයක් නොවන බවත් අතුරුදන් වුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News