එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට පියවර ගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි.
අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දි තිබෙනවා.
ඒ අනුව ගොවියාගෙන් මිලට ගන්නා නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.
මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දි වෙළඳ අංශ සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් මිලට ගන්නා නිෂ්පාදන රජය මඟින් සුරක්ෂිත ඇසුරුම්වල බහා අදාළ ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ට සාධාරණ මිලට අලෙවි කිරිමට මෙහිදි එකගතාව පළ වු බව කෘෂීකර්ම අමාත්‍යාංශය සදහන් කළා .