එ. ජා. ප. යට වැඩ බලන මහ ලේකම් කෙනෙක්

December 5, 2020 at 11:50 am | LankaTAB
එ. ජා. ප. යට වැඩ බලන මහ ලේකම් කෙනෙක්

එක්සත් ජාතික පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප්‍රධාන විධායක නිළධාරි, වයඹ පළාත් හිටපු විපක්ෂ නායක ශමල් සෙනරත් මහතා පත්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර තිබෙනවා.

පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කළ අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉල්ලා අස්විමත් සමග එම ධුරය පුරප්පාඩු වි පැවතුණා.

මේ වසර අවසානයේ නව නිළධාරි මණ්ඩලයක් පත් කිරිම සිදුවන අතර ඒ දක්වා ශමල් සෙනරත් මහතා පක්ෂ වැඩබලන මහ ලේකම් ධුරයේ කටයුතු කරනු ඇති.

Leave a Comment

Related News