පදික මැරුවේ සිදු වූ අනතුරින් දැරියන් දෙදෙනෙකු මරුට.
මොරටුව කටුකුරුන්ද ප්රදේශයේ පදිංචිකරුවන් වූ
මව සහ දැරියන් දෙදෙනෙකු පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටි මියගොස් තිබෙනවා.
ගාලුපාර ජෝසප් පෙදෙසේ පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදි ඊයේ රාත්රි 10.00ට පමණ අනතුර සිදුව තිබෙනවා.
එම දැරියන්ගේ මව වන ගැබිනි කාන්තාව බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මියගිය එක් දැරියකගේ වයස අවුරුද්දක් පමණ වන අතර අනෙක් දැරියගේ වයස අවුරුදු හතක් පමණ වන බව පොලිසිය සදහන් කළා.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු එගොඩඋයන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.