කාත්තන්කුඩි පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරේ.
කාත්තන්කුඩි පොලිස් වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව කොවිඩි නයින්ටීන් පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙනවා.
ඊට අමතරව කල්මුණේ ග්‍රාම නිලධාරී වසම් 11 ක් ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව කල්මුණේ 1,කල්මුණේ 1C, කල්මුණේ 1E, කල්මුණේ 2, කල්මුණේ 2A, කල්මුණේ 2B, කල්මුණේ 3 සහ කල්මුණේ 3A යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොවිඩි නයින්ටීන් පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊට අමතරව කල්මුණේ කුඩි 1, 2 සහ 3 යන ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර තිබෙනවා.