කාර්යාල මගී දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වේ.

November 16, 2020 at 8:22 am | LankaTAB
කාර්යාල මගී දුම්රිය සුපුරුදු පරිදි ධාවනය වේ.

පසුගියදා බස්නාහිර පළාත තුළ කොවිඩ් – 19 අසාදිතයින් විශාල වශයෙන් වාර්තා වීමත් සමඟ පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් මගී දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

නමුත් අද පෙරවරුවේ සිට කාර්යාල දුම්රිය ධාවනය යළි ආරම්භකළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩි.ආර්. පත්මලාල් මහතා පැවසුවේ සෞඛ්‍ය ආරක්ෂිතත ක්‍රමවේදයන්ට අනුකූලව අද උදෑසන සහ පස්වරුවේ සියලුම දුම්රිය මාර්ගවල කාර්යාල දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බවයි.

Leave a Comment

Related News