කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවයි
තැපැල් නිලධාරීන් පිරිසකට Covid-19 ආසාදනය වීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව නැවත දැනුම්දෙනතුරු නතර කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කළ බව
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ වන විට තැපැල් සේවකයින් 21 දෙනෙකුට Covid-19 ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙන අතර ඊයේ පමණක් තැපැල් සේවකයින් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හදුනාගත් බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.