කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා පත්කළ කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යංශයට
කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සදහා පත්කළ කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට අද ලබාදීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේ අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවයි.
ඒ අනුව අදාළ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට අද ලැබෙනු ඇති බව අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබුවා.
මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබදව සිදුකළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස්කර ඇති බවයි වාර්තා වන්නේ.
එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා තුරු කොවිඩ් ආසාදිත මෘත දේහ ආදාහනය කිරීම සිදුවන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කළේ.