කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර තිබු ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05.00 සිට හුදෙකළා බවින් ඉවත් වන වේ. අළුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

December 27, 2020 at 6:27 pm | LankaTAB
කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර තිබු ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05.00 සිට හුදෙකළා බවින් ඉවත් වන වේ. අළුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකළා කර තිබු ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 05.00 සිට හුදෙකළා බවින් ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වේල්ලවිදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම් හුදෙකළා තත්වයෙන් ඉවත් කෙරෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

එමෙන්ම කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද සහ හුණුපිටිය ග්‍රාම නිළධාරි වසම් , වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස , බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත මෙන්ම වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සද නිවාස යෝජනා ක්‍රමය හෙට උදෑසන සිට හුදෙකළා බවින් ඉවත් කිරිමට නියමිතයි .

මීට අමතරව කෙසෙල් වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර සහ අළුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසම් හෙට උදෑසන 05 සිට අළුතෙන් හුදෙකළා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

මේ අතර ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක්ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නාන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගඟුල උතුර, බෝපත්ත යන ප්‍රෙද්ශයත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රෙද්ශත් මෙලෙස හුදකලා කරන බවයි.

Leave a Comment

Related News