කොළඹ ප්රදේශ කිහිපයක හෙට ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට රාත්රි 10.00 සිට පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනූව ඩීන්ස් පාර සහ ඩාර්ලි පාර ඇතුළු සියලු අතුරු මාර්ගවල ජල සැපයුම හෙට රාත්රි 10.00 සිට පසුදා අලුයම 04.00 දක්වා අත්හිටුවන අතර වොක්ෂෝල් වීදිය, වොක්ෂෝල් පටුමග, ඉබ්බන්වල හංදියේ සිට කොම්පඤ්ඤවීදිය සහ යුනියන් පෙදෙසේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත සහ සියලු සම්බන්ධිත අතුරු මාර්ග සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.