කොළඹ ප්‍රධාන නගර 5ක් සඳුදා සිට හුදකලා කෙරේ

November 14, 2020 at 9:43 pm | LankaTAB
කොළඹ ප්‍රධාන නගර 5ක් සඳුදා සිට හුදකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය හා වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශ නොවැම්බර් 16 සඳුදා අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ බවට පත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ද තවදුරටත් හුදකලා ප්‍රෙද්ශ වශයෙන් පවතින බවයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයත් නොවැම්බර් 16 සඳුදා අලුයම 5 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

යුදහමුදාපතිවරයා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රෙද්ශවලින් තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස පවතින්නේ වත්තල, පෑලියගොඩ, ජා-ඇල, කඩවත, රාගම සහ මීගමුව යන පොලිස් බල ප්‍රදේශ පමණක් බවයි.

Leave a Comment

Related News