කොළඹ හා ගම්පහ පොලිස් බල ප්‍රදේශ 6ක් හුදකලා තත්ත්වයෙන් ඉවතට
Covid-19 ආසාදිතයි බහුලව සිටි දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක සංචරණ සීමා අද අලුයම 5 සිට ඉවත් කල බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල හුදකලා කිරීම් අද අළුයම සිට ඉවත් කර තිබෙනවා.
කෙසේවෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද අද අලුයම 5.00 සිට හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා.
කෙසේවෙතත් තව දුරටත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 13ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 05ක් හුදකලා තතත්ත්වයේ තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන,ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාළිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ලවීදිය යන පොලිස් බලප්‍රදේශත්
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ ද තවදුරටත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතනින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.