කෝප් කමිටුව අද යළි රැස්වේ.
අය-වැය විවාදය අතරතුර කෝප් කමිටුව රැස්වන තෙවන අවස්ථාව මෙයයි. කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි.
Covid-19 සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව මෙම රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ලොතරැයි පත් මුද්‍රණය සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී සිදුකරනු ලැබූ විගණනය සම්බන්ධයෙන් මෙහිදී අවධානයට යොමු කරනු ඇති.
මීට පෙර මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදුවු අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු කෙරුණා