ගංජා සමඟ පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට

කල්පිටිය සහ මුලතිව් ප්‍රදේශවලදී ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගංජා කිලෝග්‍රෑම් 18 යි ග්‍රෑම් 560 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කල්පිටිය, තෝරඅඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් කෙසෙල්වත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචි 31 සහ 32 යන වයස්වල පසූවන්නන් වන බව සදහන්.
මේ අතර මුලතිව් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පුදුකුඩිඉරිප්පු, මුන්ගිල්ආරු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 500ක තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඔහු 24 හැවිරිදි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
සැකකරුවන් අද පුත්තලම සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.