ගතවූ පැය 24 තුළ වැඩිම Covid-19 ආසාදිතයින් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
අද පෙරවරු 6.00 න් අවසන් වු පැය 24ක කාලය තුළ එම දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 182 දෙනෙකු හදුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 152 දෙනෙකු හදුනාගෙන ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන්ද නව ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වි තිබෙනවා.
තවත් ආසාදිතයින් 306 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.