ගිලන්රථයක් අවශ්‍ය වුවහොත් 0113422558 අමතන්න
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණු ප්‍රදේශවල වෙසෙන ජනතාවට හදිසි රෝගී තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
එම දුරකථන අංකය වන්නේ 0113422558
එම අංකයට ඇමතුමක් ලබා ගැනීමෙන් කොළඹ ආසන්නයේ සිටින අයට ගිලන්රථයක් අවශ්‍ය නම් මෙම සේවය ලබා ගන්න හැකියාවක් පවතිනවා. පිට පලාතක අයකුට වුවද මෙම දුරකථන අංකයට අමතා ගිලන් රථ සේවාව ලබාගැනීමට හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.