ජනපතිගෙන් 2021 නව වසරට සුබ පැතුම්

January 1, 2021 at 8:39 am | LankaTAB
ජනපතිගෙන් 2021 නව වසරට සුබ පැතුම්

නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිතය සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් දිරිගන්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් 2021 වසර පිළිගනු ලබන්නේ සුභවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ද පරිපූර්ණව බවයි ජනාධිපතිවරයා නව වසරට සුබ පැතුම් එක්කරමින් සදහන් කළේ.

සෞභාග්‍යය වෙත යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලාගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමඟ පෙරමුණ ගත් බව සදහන් කරන ජනාධිපතිවරයා බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාසයන් මත පදනම්ව තිරසාර සංවර්ධන අත්තිවාරම සැකසීමට හැකිවූ බව සදහන් කළා

Leave a Comment

Related News