ජනපති මහනුවර සංචාරයක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගයට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ දළදා මාළිගය වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ජනාධිපතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම සහ අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි යන අනු නාහිමිපාණන් වහන්සේද බැහැදැක තිබෙනවා.
අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නා හිමිපාණන් සහ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් ද බැහැ දුටු බව එම මාධ්‍ය අංශය සදහන් කළා.
අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලා තිබෙනවා.