ජනපති, රාමඤ්ඤ මහා නිකයේ මහ නායක හිමියන් බැහැ දකී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකයේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි බැහැදැක තිබෙනවා.
උන්වහන්සේ වැඩ වෙසෙන මිරිගම, මිනිඔලුව විද්‍යාවාස පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා අභිනව මහනාහිමි බැහැදැක සුභාශිංසන පුද කළ බවයි ජනාධිපති කාර්යාංශය සදහන් කළේ.
ශාසනික, ආගමික මෙන්ම ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුව ඇති සේවය අගය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සේවාව අඛණ්ඩව කරගෙනයාමට රජයේ පූර්ණ සහය ලැබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.