ජනවාරි මස 21 වෙනි දිනෙන් පසු සාමාන්‍ය පරිදි සංචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කෙරේ.

December 30, 2020 at 11:06 am | LankaTAB
ජනවාරි මස 21 වෙනි දිනෙන් පසු සාමාන්‍ය පරිදි සංචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කෙරේ.

ජනවාරි මස 21 වෙනි දිනෙන් පසු සාමාන්‍ය පරිදි සංචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය යටතේ සංචාරකයින් 1500 ත් 2000 ත් අතර පිරිසක් දිවයිනට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම කටයුතු සිදුකරන බව ජී.ඒ චන්ද්‍රසිරි මහතා සදහන් කළා.

Leave a Comment

Related News