ජනාධිපති තුමන්ගේ නත්තල් දින පණිවිඩය

December 25, 2020 at 8:23 am | LankaTAB
ජනාධිපති තුමන්ගේ නත්තල් දින පණිවිඩය

ජේසූස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ සුබ ආරංචිය ලොව පුරා පැතිරී ගොස් සියලු ශ්‍රී ලංකාවාසී කිතුණු ජනතාවට ප්‍රීතිමත් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නත්තල ජේසූස් වහන්සේගේ උපත හා බැඳුණු පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයක් වන බවත්, එය උන්වන්සේ දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව ඇතුළු උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන බවයි.

එමෙන්ම මෙරට කිතුනු ජනතා නත්තල සමරන්නේ මින් වසරකට වැඩි කාලකට පෙර පාස්කු ඉරිදින සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතු බවද ජනාධිපතිවරයා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළීබඳ හැගීම පහකොට සැකෙන් බියෙන් තොරව අගමික වතාවන්හි නිරත විමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට හැකිවී ඇති බවයි.

එමෙන්ම වින්දිතයන්ට යුක්තිය ඉටු කිරිම ද එලෙසින්ම සිදුවනු ඇති බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

Leave a Comment

Related News