ජල සම්පාදනය සේම මනු කියවීම හා බිල්පත් නිකුත් කිරීම සුපුරුදු පරිදි කරයි
ජල සම්පාදනය සේම මනු කියවීම බිල්පත් නිකුත් කිරීම සුපුරුදු පරිදි සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ සමඟ ම ඔබේ නිවසට පැමිණෙන මනු සටහන්කරුට ජල මනුව පහසුවෙන් කියවීමට ඉඩකඩ ලබාදෙන ලෙසත් මනු සටහන්කරු සමඟ කතාබහ කිරීම, මුණ ගැසීම හැකිතාක් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා.
Waterbord.lk වෙබ් අඩවිය මගින් හා ඔබේ ජංගම දුරකථනය භාවිත කර NESDB self-app මඟින්ද ජල බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.