ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයෙදී අත්අඩංගුවට
ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි මනුෂ්‍ය ඝාතනයකටද වරදකරුවෙකු වූ පුද්ගලයෙකු වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේ වැල්ලම්පිටිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 1999 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට වැරදිකරු වීමෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු වන අතර සිර දඩුවම ලිහිල් විම හේතුවෙන් 2018 වසරේදී නිදහස ලබා තිබෙනවා.
මොහු බන්ධනාගාරගතව සිටියදී විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පොට්ට නවුෆර් නැමැත්තාට බන්ධනාගාරය තුලදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද වසරක සිර දඩුවම් ලබා ඇති බවයි අජිත් රෝහණ මහතා සදහන් කළේ.
පසුගියදා සිංහපුර ප්‍රදේශයේ නිවෙස් තුනකට ඇතුළු වී පහර දීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයකටද සැකකරුට එරෙහිව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.