තද වැසි, තද සුළං, මුහුදු ප්‍රදේශ රළු වේ,කාළගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

November 24, 2020 at 7:10 pm | LankaTAB
තද වැසි, තද සුළං, මුහුදු ප්‍රදේශ රළු වේ,කාළගුණ දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතරු ඇඟවීමේ නවතම රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී 280ක දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතිනවා.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් එය වර්ධනය විය හැකි බවත් පෙන්වා දෙනවා.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී 50-60 දක්වා ඉහළ යෑමට හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Comment

Related News