තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද යළි දිවයිනට

රැකියා සඳහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සහ යුරෝපයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙකු අද අලුයම මෙලෙස දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49 දෙනෙක්, කටාර්හි සිට 95 දෙනෙක් සහ ජර්මනියේ සිට පස් දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් සියලුදෙනාට පී.සි.ආර්.පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.