දිවිනැගුම නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකු නිදහස්

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.