නව දේශිය ආදායම් කොමසාරිස්වරයෙකු පත් කරයි.

December 4, 2020 at 9:15 am | LankaTAB
නව දේශිය ආදායම් කොමසාරිස්වරයෙකු පත් කරයි.

නව දේශිය ආදායම් කොමසාරිස්වරයා ලෙස එච්.එම්.ඩබ්ලිව්.සී බණ්ඩාර මහතා පත්කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දේශිය ආදායම් කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ නදුන් ගුරුගේ මහතා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමග එච්.එම්.ඩබ්ලිව්.සී බණ්ඩාර මහතා එම ධුරයට පත් කර තිබෙනවා.

බදු පරිපාලන අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කර ඇති ඒ මහතා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ අත්දැකීම් සහිත නිලධාරියෙක් වනවා.

Leave a Comment

Related News