නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 61දෙනෙකු අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 61දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුඛ ආවරණ නොපැළදීම සහ දුරස්තභාවය තබා නොගැනිම සම්බන්ධයෙන් එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
පසුගිය ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 588 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළා.