නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුරස්ථභාවය තබා නොගැනිම සහ මුඛ ආවර්ණ නොපැලදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1014 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.