නිරෝධායන නීති උල්ලංඝනය කල පිරිස් අත්අඩංගුවට

November 24, 2020 at 9:08 am | LankaTAB
නිරෝධායන නීති උල්ලංඝනය කල පිරිස් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළද නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 527 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනාට එරෙහිව ඉදිරියේදී නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.

Leave a Comment

Related News