නිරෝධායන නීතීන්ට අනුගත නොවූ පුද්ගලයින් තව දුරටත් අත්අඩංගුවට

December 17, 2020 at 10:30 am | LankaTAB
නිරෝධායන නීතීන්ට අනුගත නොවූ පුද්ගලයින් තව දුරටත් අත්අඩංගුවට

නිරෝධායන නීතීන්ට අනුගත නොවූ පුද්ගලයින් 1500 ඉක්මවූ පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මුහුණු ආවරණ නොපැලදීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනිම සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ ද පුද්ගලයින් 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1525 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අජිත් රෝහණ මහතා සදහන් කළා.

Leave a Comment

Related News