නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට
සුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 1740 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉදිරියටත් මෙම මෙහෙයුම් සිදුකෙරෙන අතර නිරෝධායන රීතීන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.