නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට
අද උදෑසන 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ එම රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1705 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
මේ අතර අද සිට බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සදහා සිදු කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ස්ථාන 11කදී මේවන විට ආරම්භ වී තිබෙනවා.
ඒ සදහා සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.