නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණය කිරීම සඳහා වැඩ පිළිවෙලක්
Covid-19 වසංගතය පාලනයට ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසියාකාරව සිදුවන බව සහතික කිරීම සඳහා නව නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා.
ඒ සදහා ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත් කිරිමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ උපදෙස් පරිදි මෙම නව යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
අදාළ නිරීක්ෂණ කමිටුවට අයත් නිලධාරීන් සතියේ එක් එක් දින තුළ නිරෝධායන නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතු වනවා.
නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් විසින් තහවුරු කර ගත යුතු අතර යම් පාර්ශ්වයකින් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරිම ද අදාළ නිරික්ෂණ කණ්ඩායමේ වගකීමක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.