පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීමට කමිටුවක්

January 8, 2021 at 8:06 am | LankaTAB
පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීමට කමිටුවක්

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොමිසමක් පත් කර තිබෙනවා.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන්ගේ සම සභාපතිත්වය යටතේ පිහිටුවා ඇති එම කොමිසම සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විතයි.

කොමිසමේ ලේකම් ධුරය සදහා විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ජී.එස්. විතානගේ මහතා පත් කර තිබෙනවා.

අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් , දෙපාර්තමේන්තු සහ මණ්ඩල ප්‍රධානීන් , නීතිඥයන් ඇතුළු පිරිසක් කොමිසමේ සාමාජිකයන් ලෙස පත් තර තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් ඒවා පූර්ණ සමාලෝචනයකට ලක් කිරීම ඇතුළු කාර්යයන් කිහිපයක් අදාළ කොමිසමට පැවරී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළහැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම ද අදාළ කොමිසමට පැවරෙන කාර්යයන් අතරට අයත් .

එම කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිසම දින 90ක කාලයක් ලබා දී ඇති අතර කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලය කොමිසම වෙත ලබාදි ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.

Leave a Comment

Related News