පළා ගිය රැඳවූවා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී සොයා ගනී

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටියදී ඉන් පළා ගිය රැඳවූවා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
අදාළ රැඳවූවා වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රැඳවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.