මහනුවර, කලුතර ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ
කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළ මැදිරිය යන ග්‍රාම සේවා වසම් වහාම හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලඹුගහවත්ත යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිමන්තුඩාව ග්‍රාම සේවා වසම හුදකලා තත්ත්වයෙන් මුදාහැරීමට පියවර ගෙන ඇති බවයි.