ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය හෙට උදෑසන 5 සිට ඉවත් කෙරේ.

November 29, 2020 at 7:26 am | LankaTAB
ප්‍රදේශ කිහිපයක හුදකලාභාවය හෙට උදෑසන 5 සිට ඉවත් කෙරේ.

මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්‍රදේශය හා මට්ටක්කුලිය යන ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදෑසන 5 සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්‍රදේශවල ද හුදකලාභාවය හෙට උදෑසන ඉවත් කරන අතර අනෙකුත් ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තබන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Comment

Related News