ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය ඉවතට
මෙතෙක් හුදකලා ප්‍රදේශ ලෙස නම්කර තිබූ කොළඹ,ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සහ කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයකද හුදෙකලා තත්ත්වය අද අළුයම 05 සිට ඉවත් කළා.
කෙසේ වෙතත් අද පෙරවරුවේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම්කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.