පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට

පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දින කිහිපයට පෙර දිවියෙකු විසින් පුද්ගලයෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකෝපයට පත් පිරිසක් විසින් ඊයේ රාත්‍රී පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පානම පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදි යතුරුපැදි 02ක්,ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා සදහන් කළේ.
සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පානම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා