පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවිමත් සමග එළඹෙන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදි විශේෂ අවධානය යොමුකිරීමට නියමිතයි.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුව තුළ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.
අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනිද්දා දිනයේදී ද පාර්ලිමේන්තුව තුළ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බැවින් මෙම දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පී.සී.ආර් පරීක්ෂණ සිදු කරගත ගත හැකි බව සදහන්.