පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ සමඟි ජනබලවේගයෙන් ඉවතට

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුව ඩයනා ගමගේ මහත්මිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිමට සමගි ජන බලවේගය ගත් ඒකමතික තීන්දුවට ඇය අවනත වී නොමැති බැවින් සමගි ජන බලවේගය පක්ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව තමා තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලිපියේ සඳහන් වෙනවා.
විපක්ෂ නායකවරයා යොමුකළ අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, පක්ෂයේ සභාපතිවරයා ලෙස තමාට සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනු ලැබූ බවය.