පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මේ වන විට හදුනා ගනී
කොවිඩ් නයින්ටින් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළේ සී.සී.ටී.වී දර්ශන යොදා ගනිමින් මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා හදුනාගෙන ඇති බවයි.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල යන අය රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තුව තුළ සමීපව සිට ඇති බව වාර්තාවනවා.
ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම් යන මන්ත්‍රීවරුන් දෙදෙනාද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව කතාබහක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාල මන්ත්‍රීවරුන්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දැනුම් දී ඇති අතර ඔවුන් ඉදිරියේදි පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කළා.