පාසල් පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ආරම්භ කිරීම ජනවාරි 11
බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ජනවාරි 11 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
අද පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පෙර පාසල් ද එදිනම ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.