පැළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකිර්ණය අද සිට විවෘත කෙරේ.
Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පැළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකිර්ණය යළි විවෘත කර තිබෙනවා.
අද අළුයම 2.00 සිට මත්ස්‍ය වෙළෙද පොළ විවෘත කළ අතර උදෑසන 08 .00 දක්වා තොග වෙළොදාම සදහා පමණක් වෙළඳසැල විවෘත කර තැබුණා.
පසුව සිල්ලර වෙළදාම් කටයුතු ආරම්භ කිරිමට කටයුතු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා නිළධාරින්ට දැනුම් දී ඇති බවයි ධීවර අමාත්‍යාංශය පැවසුවේ.
තොග වෙළෙදුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙද සංකිර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවයි ධිවර අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.