පුත්තලමෙන් නීති විරෝධී කහ 1000 Kg සොයා ගනී
පුත්තලම ප්‍රදේශයේදී නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ගබඩා කර තිබූ කහ කිලෝ 1,000ක් සමග 37 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ ම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.