පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද පාසල් විවෘත කෙරේ.

November 23, 2020 at 8:21 am | LankaTAB
පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද  යටතේ අද පාසල් විවෘත කෙරේ.

පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ බස්නාහිර  පළාත සහ හුදකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු ප්‍රදේශවල පිහිටි සියලු රජයේ පාසල් වල 6 සිට 13 වන ශ්‍රේණී දක්වා අද සිට විවෘත කෙරෙනවා.

සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කරන ලෙස සියලු පළාත්,කලාප,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කළා.

Leave a Comment

Related News